දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ වතු කම්කරු පවුල් 25ක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ වතුයායේම ඉඩමක තාවකාලිකව ඉදි කරන ලද කූඩාරම්වල දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බව වාර්තා වේ. වර්ෂාපතනය සහ අධික සුළං පවතින දිනවලදී මෙම කූඩාරම්වල රැඳී සිටීම අනතුරුදායක බව පවසන ජනතාව, තමන්ට නිවාස ඉදි කර දෙන බවට රජය ලබා දුන් පොරොන්දු කඩිනමින් ඉටු කරන ලෙස ඉල්ලා සිටිති.
ඉදිරි දිනවලදී පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තමන් පදිංචි කූඩාරම්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක පදිංචි කරවන ලෙස ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














