ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට එරෙහිව ඇමෙරිකානු වැසියන් විශාල පිරිසක් වීදි බැස විරෝධතාවල නිරත වෙමින් සිටිති. “පලස්තීන තරුණ ව්‍යාපාරය”, “Code Pink”, සහ “The People’s Forum” ඇතුළු ක්‍රියාකාරී කණ්ඩායම් කිහිපයක සන්ධානයක් විසින් වොෂින්ටන් ඩීසී, නිව්යෝර්ක්, චිකාගෝ ඇතුළු නගර රැසක මෙම විරෝධතා සංවිධානය කර ඇත.
මේ අතර, ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර ඇතුළු මැදපෙරදිග ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඉරානය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.














