ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් මේ වන විටත් ඉල්ලා ඇති 13%ක විදුලි බිල වැඩිවීමට අමතරව, ඉදිරියේදී යළිත් වරක් විදුලි බිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ වංචාවක් සිදුවී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, බාල ගල් අඟුරු නිසා තාපය නිසි ලෙස ජනනය නොවීමෙන් ලංවිම දැනටමත් බිලියන 8ක පාඩුවක් ලබා ඇති බව සඳහන් කළේය.
මෙම පාඩුව පියවා ගැනීම සඳහා විදුලි බිල තවදුරටත් වැඩි කිරීමට සිදු වනු ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














