ලිදුල වෝල්ට්‍රීම් වතුයායේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් නිවාස 10ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ලිදුල පොලිසිය පවසයි. මෙම ගින්නෙන් පවුල් 10කට අයත් සාමාජිකයින් 35 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර, ඔවුන් දැනට තාවකාලිකව ඥාති නිවාසවල සහ වතුයායේ පාසලක නවාතැන් ගෙන සිටිති.
වතු කම්කරුවන් සහ පොලිසිය එක්ව ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.














