ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) සහ සිනොපෙක් (Sinopec) සමාගම ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් ලීටරයක් රුපියල් 4කින්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 6කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියලකින් ඉහළ දමා ඇත.
මෙම මිල සංශෝධනයත් සමඟ සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 281ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 329ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 293ක් ලෙස සටහන් වේ.














