එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනය සහ නායකත්ව ගුණාංග පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. “Read with Ranil” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ලබන මාර්තු 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව එජාප නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙය “ස්මාර්ට් යූ.එන්.පී” (Smart UNP) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අතර, රටේ ආර්ථිකය සහ පාලනය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා සතු දැනුම තරුණ පරපුරට දායාද කිරීම මෙහි අරමුණයි.














