ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට පෙර මොසාඩ් (Mossad) ඒජන්තයින් විසින් ඔහුගේ ඡායාරූපයක් ලබා ගැනීමට පවා සමත්ව ඇති බවට වාර්තා වන තොරතුරුත් සමඟ ඉරාන බුද්ධි අංශ තුළ පවතින දැවැන්ත අනාරක්ෂිතභාවය පිළිබඳව සාකච්ඡාවක් මතුව තිබේ. ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) මීට පෙර හෙළි කර ඇති පරිදි, ඉරානය තුළ ක්‍රියාත්මක වන මොසාඩ් ඔත්තුකරුවන් සොයා ගැනීම සඳහාම පිහිටුවා තිබූ රහසිගත ඒකකයේ ප්‍රධානියාම ඊශ්‍රායල ඒජන්තයෙකු බව 2021 වසරේදී තහවුරු වී ඇත.
අහමදිනෙජාඩ් පෙන්වා දෙන පරිදි, එම රහසිගත ඒකකයේ සිටි තවත් ඒජන්තයින් 20 දෙනෙකු ද මොසාඩ් සංවිධානය වෙනුවෙන් සේවය කර ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික රහස් සොරකම් කිරීමට සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය කිරීමට අවශ්‍ය තොරතුරු ඊශ්‍රායලයට ලබා දී ඇත්තේ ඔවුන් විසිනි. 2018 වසරේදී ඉරානයේ න්‍යෂ්ටික ලේඛනාගාරය කොල්ලකෑමේ සිට වර්තමානයේ උත්තරීතර නායකයාගේ ආරක්ෂිත ස්ථානය හඳුනා ගැනීම දක්වා වූ සියලු මෙහෙයුම් සඳහා ඉරාන බුද්ධි අංශ තුළම සිටින මෙම ‘මවුල’ (Moles) සහය වී ඇති බව විදෙස් වාර්තා අවධාරණය කරයි. මේ හරහා ඉරාන ආරක්ෂක ව්‍යුහය කෙතරම් දුරට ඊශ්‍රායල බුද්ධි අංශ විසින් ආක්‍රමණය කර ඇත්ද යන්න මනාව පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.














