පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් වගකිවයුතු යැයි නම් කර ඇති පුද්ගලයන්ට එරෙහිව වහාම විමර්ශන ආරම්භ කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකගේ නම් මෙලෙස කොමිෂන් වාර්තාවේ නිර්දේශ කර තිබේ.
කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මැනවින් අධ්‍යයනය කර, නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දී ඇති අතර, විමර්ශන වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.














