රුපියල් මිලියන 8ක මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම සිද්ධිය 2015 වසරේදී ඒ මහතා පොහොර සංස්ථාවේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූවක් බව පැවසේ.
අමාත්‍යවරයාගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නඩු පැවරීමට කොමිසම උපදෙස් දී ඇති අතර, අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව ද අධිචෝදනා පත්‍ර සකස් කරමින් පවතී.














