කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ නිවසකට ඊයේ (28) රාත්‍රියේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයෙකුට නිවෙස් හිමියා විසින් පුටුවකින් සහ කැත්තකින් පහර දී ඇති අතර, බරපතළ තුවාල ලැබූ තුවක්කුකරු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.
පොලිස් පරීක්ෂණවලදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ 4ක් සොයාගෙන ඇත. ණය මුදලක් ලබාගැනීමට පැමිණි ‘පෙත්තා’ නැමැත්තෙකු සමඟ ආ නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමට තැත් කළ බවත්, එම අවස්ථාවේදී තමන් පහර දුන් බවත් නිවෙස් හිමියා පොලිසියට පවසා තිබේ.














