ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් නීති විරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ 21 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නිලධාරීන් විසින් සැකකරු සතු ගමන් මලු දෙකක සඟවා තිබියදී සිගරට් කාටූන් 180ක් (සිගරට් 36,000ක්) සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 5.4ක් පමණ වේ.
තල්දූව ප්‍රදේශයේ පදිංචි සැකකරු ඊයේ (28) රාත්‍රියේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-652 ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.














