හැටන් කොටගල ලොග්ගිල් රක්ෂිතයේ ඊයේ (28) රාත්‍රියේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 25ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. පස්වරු 6:00ට පමණ ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට හිතාමතා ගිනි තබන්නට ඇති බවයි.
මෙම රක්ෂිතය තුළ ඇති ජල මූලාශ්‍රවලින් ලොග්ගිල් වතුයායේ කම්කරුවන් පානීය ජලය ලබාගන්නා බැවින් ගින්න හේතුවෙන් ඔවුන්ගේ ජල සැපයුමට ද බාධා ඇතිවීමේ අවදානමක් පවතී.














