ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට උපහාර දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් ඓතිහාසික ඉස්ෆහාන් නගරයට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි පවසා ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරාන ජාතියේ හදවත් පුළුස්සා දැමූ බවත්, තමන් ද ඔවුන්ගේ හදවත් පුළුස්සා දමන බවට සහතික වන බවත්ය.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් නෙතන්යාහු කමේනිගේ ඝාතනය සමරමින් “ඊශ්‍රායලය විනාශ කිරීමට ක්‍රියා කළ තැනැත්තා විනාශ වී ඇත” යනුවෙන් සඳහන් කර තිබේ.














