කටාන, මහයාය වත්ත සුසාන භූමිය අසල අතුරු මාර්ගයක පඳුරු සහිත ප්‍රදේශයක සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 4ක් සොයාගෙන තිබේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අවිය සොයාගෙන ඇත.
කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම ගිනි අවිය සඟවා තිබුණේද යන්න පිළිබඳව කටාන පොලිසිය සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.














