මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ වුවද, මෙරට ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. ලබන අප්‍රේල් සහ මැයි මාස දක්වා ඇණවුම් කරන ලද ඉන්ධන තොග නියමිත පරිදි ඉන්දියාව සහ සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත බව සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සහතික වේ. අනිසි ලෙස ඉන්ධන තොග රැස්කිරීම පාලනය කිරීම සඳහා බැරල්වලට ඉන්ධන ලබා නොදෙන ලෙස සියලු පිරවුම්හල් වෙත උපදෙස් ලබා දී තිබේ.
නැවත විකිණීමේ අරමුණින් බැරල්වලට ඉන්ධන ලබාගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද සභාපතිවරයා අනතුරු ඇඟවීය.














