ඉන්දීය නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘INS TARANGINI’ ත්‍රිකුණාමල වරායට සපැමිණ තිබේ. නිල පුහුණු සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායික නාවික ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.
මීටර් 54ක් දිගු මෙම නෞකාව කාර්ය මණ්ඩල සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එය කොමාණ්ඩර් නිතින් ගජ්ජාර් මහතාගේ අණදීම යටතේ ක්‍රියාත්මක වේ.














