ඇමෙරිකානු යුද නෞකා කිසිවකට පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වීමට ඉඩ නොදෙන බව ඉරාන ඉහළ නිලධාරියෙකු සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ හිටපු අණදෙන නිලධාරියෙකු වන මොහ්සෙන් රෙසායි පවසයි. රජයේ පුවත් ඒජන්සියක් වන ෆාර්ස් නිව්ස් හරහා ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
ඇමෙරිකානු යුද නෞකා මෙම කලාපයේ ඇමෙරිකානු නාවික හමුදාව රැස් කර ඇති “ආමඩා” (armada) හෙවත් විශාල යුද නෞකා සමූහයේ කොටසක් බව සඳහන් වේ. කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ සිය ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට නාවික කලාපය පාලනය කරන බවයි.














