පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස් කිරීමට කටයුතු කළහොත්, ඉන්ධන බෙදාහැරීමේ පද්ධතියට එල්ල වන පීඩනය හමුවේ නැවතත් QR ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය හැකි බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් මහතා පවසයි. රට තුළ දැනට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත්, පෙට්‍රල් දින 37කටත්, ඩීසල් දින 35කටත් ප්‍රමාණවත් තොග පවතින බවත් ඔහු අවධාරණය කරයි.
බූලි සහ වෙනත් බඳුන් වලට ඉන්ධන එකතු කිරීම වහාම නතර කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති අතර, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සංස්ථාවේ සේවකයන්ගේ නිවාඩු පවා අවලංගු කර ඇත.














