ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් එරට වසන කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි. ඔහු මේ බව අද (01) පස්වරුවේ ‘අද දෙරණ’ පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.
කලාපීය යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවන බව ද සඳහන් වේ.














