ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීම මානව සදාචාරයේ සහ ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් උල්ලංඝනය කළ “කුරිරු” (cynical) මිනීමැරුමක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි. ඉරාන ජනාධිපති මසුද් පෙzෂ්කියන් වෙත නිල පණිවිඩයක් යොමු කරමින් පුටින් සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, කමේනි රුසියානු – ඉරාන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සිහිපත් කර තිබේ.
ඊශ්‍රායල සහ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් 86 හැවිරිදි කමේනි සෙනසුරාදා දින මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කළේය.














