ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය දෙසට ගමන් කළ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව එඩි සුභසාධන සංවිධානය (Edhi Welfare Organisation) සහ රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
විරෝධතාකරුවන් කොන්සල් කාර්යාලයේ ආරක්ෂක වළල්ල බිඳ දමා පරිශ්‍රයට ඇතුළු වී හානි සිදුකර ඇති අතර, පොලිසිය විසින් කඳුළු ගෑස් සහ වෙඩි තැබීම් සිදුකර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මියගිය පිරිස අතර 20-28 අතර වයසේ පසුවන තරුණයන් කිහිපදෙනෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමක් (JIT) පත් කිරීමට සින්ද් ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.














