ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු, එරට තාවකාලික නායකත්ව කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස අලිරේසා අරාෆි පත්කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අරාෆි, ආගමික නායකයෙකු සහ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු වන අතර, ඔහු ජනාධිපති මසුද් පෙzෂ්කියන් සහ අගවිනිසුරු ගුලාම්හොසෙයින් මොහ්සෙනි එජෙයි සමඟ මෙම කවුන්සිලයට එක්වනු ඇත.
කමේනිගේ මරණයත් සමඟ ඉරාන වැසියන් කණ්ඩායමක් ශෝකය පළ කරන අතරතුර තවත් පිරිසක් සැමරුම්වල නිරත වී ඇති බව වාර්තා වේ. ජනාධිපති පෙzෂ්කියන් මෙම ඝාතනය “මුස්ලිම්වරුන්ට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමක්” ලෙස හඳුන්වා ඇති අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කමේනි හඳුන්වා ඇත්තේ “ඉතිහාසයේ සිටි දරුණුතම පුද්ගලයෙකු” ලෙසයි.














