බහරේනයේ මැනාමා (Manama) අගනුවර පිහිටි හෝටල් ඉරාන ප්‍රහාරයකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එහි රැඳී සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම හෝටල්වලින් ඉවත් වන ලෙස බහරේනයේ අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබේ. මැනාමා හි පිහිටි ‘ක්‍රවුන් ප්ලාසා’ (Crowne Plaza) හෝටලයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව තානාපති කාර්යාලය තහවුරු කර ඇත.
ඒ අනුව, අමෙරිකානු රජයේ නිලධාරීන් දැනටමත් එම හෝටල්වලින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බව තානාපති කාර්යාලය සඳහන් කරයි.














