රජයේ පස් අවුරුදු පාලන කාලයෙන් ගෙවී ගිය වසර එකහමාරක කාලය තුළ ජනතාවට ලබාදුන් පොරොන්දු වලින් විශාල ප්‍රමාණයක් ඉටු කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. විරුද්ධවාදීන් විවිධ විවේචන එල්ල කළ ද එය රජයට ගැටලුවක් නොවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
පවතින දේශපාලන වාතාවරණය තුළ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් එය කිසිදු සටනකින් තොර ඒකපාර්ශවීය මැතිවරණයක් වනු ඇති බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගන්නා ලෙස විපක්ෂයට යෝජනා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














