ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර මාලාව හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළේය. මියගිය පිරිස අතර පකිස්ථාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයින් සිටින අතර, ඉරාන නියමුවකු රහිත යානා (Drones) එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂණ පද්ධති පරයා ගොඩබිමට පතිත වීමෙන් මෙම ජීවිත හානි සිදුව තිබේ. මීට අමතරව තවත් පුද්ගලයින් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ඉරානය විසින් එරට ඉලක්ක කර බැලස්ටික් මිසයිල 165ක් දියත් කර ඇති අතර ඉන් 152ක් ගුවන් ආරක්ෂණ පද්ධති මගින් විනාශ කර ඇත. ඉතිරි මිසයිල 13 මුහුදට පතිත වී තිබේ. එසේම ඉරානය විසින් නියමුවකු රහිත යානා 541ක් එල්ල කර ඇති අතර ඉන් 506ක් සාර්ථකව මැඩපැවැත්වීමට එමීර් රාජ්‍යය සමත් විය. කෙසේ වෙතත් යානා 35ක් එරට භූමියට පතිත වී ඇති අතර ඉන් සිවිල් දේපළවලට මධ්‍යම ප්‍රමාණයේ හානි සිදුව ඇත.
අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කළ මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් එමීර් රාජ්‍යයේ ජනාකීර්ණ ප්‍රදේශ රැසක සුන්බුන් විසිරී පවතින බව වාර්තා වේ. ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉරානය එල්ල කළ කෲස් මිසයිල දෙකක් ද ගුවන්ේදීම විනාශ කිරීමට තම හමුදාවන්ට හැකි වූ බවයි. මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සහ සාමාන්‍ය ජනජීවිතය දැඩි අවදානමකට ලක්ව තිබේ.














