මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ. සංචාරකයන්ගේ වීසා වලංගු කාලය දින 14කින් ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත්, ශ්‍රමිකයන්ගේ තොරතුරු ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් අංක ක්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන ඇත.
සංචාරකයන් සඳහා 1912 ක්ෂණික ඇමතුම් අංකය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර තිබේ.














