“එකම තැනකදී” කොටු වෙයි
ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශය (CIA) විසින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ගමන් බිමන් මාස කිහිපයක සිට ඉතා සමීපව නිරීක්ෂණය කර ඇති බවත්, ඔහු ඇතුළු ඉරාන රජයේ ඉහළම පෙළේ නායකයන් පිරිසක් ටෙහෙරාන් නුවරදී පැවැත්වූ විශේෂ හමුවක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් අද (02) තහවුරු වේ. ඇමරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, “සියලු දෙනාම එකම ස්ථානයක” (All in one place) සිටින බවට බුද්ධි අංශ විසින් තහවුරු කරගත් සැණින් ප්‍රහාරය සඳහා අවසර ලබා දී (Greenlit) තිබේ. මෙම හමුව සඳහා ඉරාන ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානීන් සහභාගී වී සිටි බවත්, ඔවුන් සියලු දෙනාම පාහේ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ, ඇමරිකාවේ අතිනවීන ලුහුබැඳීමේ පද්ධතිවලින් (Sophisticated Tracking Systems) මිදීමට ඉරාන නායකයන්ට කිසිදු අවස්ථාවක් නොතිබූ බවයි. “ඔවුන්ට කළ හැකි කිසිවක් තිබුණේ නැහැ,” යනුවෙන් ඔහු පවසා ඇති අතර, මෙම මෙහෙයුම ඉරාන ඉතිහාසයේ දැවැන්තම නායකත්ව සංහාරය ලෙස සැලකේ. CIA ආයතනය විසින් ලබා දුන් මෙම “අතිශය නිවැරදි” (High Fidelity) බුද්ධි තොරතුරු මත පදනම්ව, මීට පෙර රාත්‍රී කාලයේදී එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරය, ඉරාන නායකයන් කොටු කර ගැනීම සඳහා හදිසියේම දිවා කාලය දක්වා වෙනස් කර ඇති බව ද වාර්තා වේ.














