මාකොළ වයි හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යන රථවාහන අංගනයක ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ හටගත් දරුණු ගින්නකින් එහි ගාල් කර තිබූ වාහන 07ක් මුළුමනින්ම විනාශ වී තිබේ.
ගින්නෙන් පහත සඳහන් වාහන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත:
සිදු වූ අලාභය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති වුවද, එය රුපියල් කෝටි ගණනක් වනු ඇතැයි අනුමාන කෙරේ. ගින්න හටගත් අවස්ථාවේ එම ස්ථානයේ කිසිවෙකුත් රැඳී සිට නොමැති බැවින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරු මත සපුගස්කන්ද පොලිසිය වහා ක්‍රියාත්මක වී ඇති අතර, කොළඹ ගිනි නිවන ඒකකයේ සහාය ඇතිව ගින්න අවට ප්‍රදේශවලට පැතිර යාම වළක්වා ගැනීමට සමත් වී තිබේ.
ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, රථ ගාලේ නවතා තිබූ එක් වාහනයක සිදු වූ විදුලි කාන්දුවක් (Electrical Short Circuit) මීට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සපුගස්කන්ද පොලිසිය සහ කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














