හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම් දෙකේ වාර්තා තවමත් ලැබී නැති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අවසන් වාර්තාව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ කමිටුව පැවැත්වූ පරීක්ෂණයේ මූලික විමර්ශන වාර්තාව මෙසේ ප්‍රමාද වී ඇති වාර්තා අතර වේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියේ අපරාධමය වරදක් සිදුවී ඇත්දැයි ගැඹුරින් සොයා බලන බැවින් ඒ සඳහා කාලයක් ගත විය හැකි බවයි.
















