බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රුසියාවට ගියේ දූෂිත ගල් අඟුරු සමාගමක් හමුවීමට නොවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් මහතා පවසයි. ඔහු සඳහන් කළේ අමාත්‍යවරයා වෙනත් සමුළුවකට සහභාගී වීමට ගිය අවස්ථාවේදී ආයෝජකයින් පැමිණ කතා කිරීම සාමාන්‍ය සිදුවීමක් බවයි.
ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය මිතුරුකම පදනම් කරගෙන ගල් අඟුරු ටෙන්ඩරය ලබාදුන් බවටද චෝදනා කළේය.














