පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් සියලු පළාත් වෙත ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත්, පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
රාමසාන් උත්සවය සමරන වැල්ලවාය ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන් සමඟ ඊයේ (01) පැවති සුහද හමුවකදී සහ අනතුරුව යුධගනාව රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නවීන පාඨමාලාවන්ගෙන් යුතු වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීම.
2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
නව පෙළපොත් මුද්‍රණ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීම.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














