මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති දරුණු යුද ගැටුම් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මැදපෙරදිග ගමනාන්ත දක්වා ක්‍රියාත්මක වීමට තිබූ සියලුම ගුවන් ගමන්වාර අද (02) දිනයේද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි යුද ගැටුම් ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මැදපෙරදිග සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වීමට තිබූ ගුවන් ගමන්වාර 115ක් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සිටි පිරිස් සහ මෙරටට පැමිණීමට සිටි ලාංකිකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කලාපීය ගුවන් සීමාවන් වසා තැබීම සහ පවතින අනාරක්ෂිත භාවය මෙම ගුවන් ගමන් අත්හිටුවීමට ප්‍රධාන හේතුව වී තිබේ.














