සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සුළු දේපළ හානි සිදුව ඇති බව එම රට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. කලාපීය නොසන්සුන්තා මධ්‍යයේ එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
මෙම ප්‍රහාරය හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති අතර සිදුව ඇත්තේ ‘සීමිත හානියක්’ (Limited damage) පමණක් බව රජය පවසයි.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වයත් සමඟ එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.














