ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවකට එළඹීමට ඉරානය සූදානම් නැති බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි (Ali Larijani) අද (02) අවධාරණය කළේය.
ඉරානය සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව ලේකම්වරයා පවසයි. වත්මන් යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකාව සමඟ කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් සිදු නොකරන බව ඔහු මෙහිදී ස්ථාවරව ප්‍රකාශ කර තිබේ.
අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නායකයන් ඝාතනය කිරීමෙන් පසු දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත්, පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බවත් මෙමගින් පැහැදිලි වේ.














