ඉරානය විසින් කුවේට් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති පසුබිමක, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඉරාන ප්‍රහාරවලින් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට අනතුරක් හෝ හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති අතර, එරට රැඳී සිටින ලාංකිකයන් පිළිබඳව තානාපති කාර්යාලය නිරන්තර විමසිල්ලෙන් පසුවෙයි.
කුවේට් ආරක්ෂක අංශ සමඟ සෘජු සම්බන්ධතා පවත්වමින් තොරතුරු සොයා බලන බැවින්, එහි වෙසෙන ලාංකිකයන් හෝ ඔවුන්ගේ මෙරට ඥාතීන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ඔහු පවසයි.














