මියගිය රැපර් නිප්සි හස්ල් (Nipsey Hussle) විසින් ආරම්භ කරන ලද “මරතන් බර්ගර්” (Marathon Burger) ආපනශාලා ජාලයේ නව ශාඛාවක් ලෝන්ග් බීච් (Long Beach) හිදී විවෘත කිරීමේ උත්සවය අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබේ.
මෙම සිදුවීම ඉරිදා පස්වරුවේ සිදුව ඇති අතර, වෙඩි වැදීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පසුව එක් අයෙකු මියගොස් ඇති අතර, සෙසු දෙදෙනාගේ තත්ත්වය ස්ථාවරව පවතින බව වාර්තා වේ. උත්සවයට සහභාගී වූ රැපර්වරුන් වන ස්නූප් ඩොග් (Snoop Dogg) සහ වයි.ජී. (YG) වෙඩි තැබීම සිදුවන විට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් සිටියහ.














