මැදින් පොහොය යෙදුණු දීර්ඝ සති අන්තයත් සමඟ ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීම සඳහා ලක්ෂයකට අධික බැතිමතුන් සහ සංචාරකයන් පිරිසක් පැමිණීම නිසා නල්ලතන්නිය ප්‍රදේශයේ දැඩි ජන තදබදයක් හටගෙන තිබේ. මෙවර සිරිපා වාරය ආරම්භ වූ දා සිට සති අන්තයක වාර්තා වූ වැඩිම පිරිස මෙය බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
නල්ලතන්නිය නගරයේ සියලුම වාහන නැවැත්වීමේ අංගන පිරී ඉතිරී ගොස් ඇති අතර නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගයේ රිවර්ස්ටන් දක්වා කිලෝමීටර් හයක පමණ දුරක් පාර දෙපස වාහන නවතා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් මාර්ග තදබදය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක නිරතව සිටියි.
සිරිපා කරුණා කරන මාර්ගයේ ඉඳිකටුපාන සහ මහගිරිදඹය වැනි ස්ථානවල බැතිමතුන්ගේ දැඩි තදබදයක් පවතින බව සඳහන් වේ. පැමිණ සිටින විශාල පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා නල්ලතන්නිය පොලිසිය ඇතුළු අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.














