මැදපෙරදිග කලාපයේ, විශේෂයෙන්ම ඉරානය කේන්ද්‍ර කරගනිමින් හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, මෙය මෑත ඉතිහාසයේ වාර්තා වන දරුණුතම “තෙල් කපිතා” (Oil Shock) බවට පත්වීමේ අවදානමක් ඇති බවත් The Economist සඟරාව පෙන්වා දෙයි.අද (02) වෙළඳපොළ කටයුතු යළි ආරම්භ වීමත් සමඟ ලෝක බොරතෙල් මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent crude) මිල බැරලයක් ඩොලර් 82 දක්වා ඉහළ ගොස් ඇත. ඉකුත් වසරේ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ මුල් පැය කිහිපය තුළ බොරතෙල් මිල සියයට 7කින් ඉහළ ගිය අතර, මෙවර ඉරානය සෘජුවම යුද්ධයට මැදිහත් වීම සහ ප්‍රධාන තෙල් පිරිපහදු ඉලක්ක වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.
ලොව දෛනික තෙල් සැපයුමෙන් සියයට 20ක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යුද කලාපයක් බවට පත්වීමේ අවදානම සහ සෞදි අරාබියේ ‘රස් තනුරා’ වැනි ප්‍රධාන පිරිපහදුවල මෙහෙයුම් අඩාල වීම හේතුවෙන් ඉදිරි දිනවලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
















