මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තුවාල සිදුව නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කරයි.
ප්‍රහාරවලින් තුවාල ලැබූ හෝ පීඩාවට පත් වූ පුද්ගලයන් අතර මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු හඳුනාගෙන නොමැති බවත්, තානාපති කාර්යාලය එරට ආරක්ෂක අංශ සහ රෝහල් බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවත් ඇය සඳහන් කළාය. ඩුබායි සහ අබුඩාබි ඇතුළු ප්‍රධාන නගරවල වෙසෙන ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.














