‘ඩිට්වා’ (Dithwa) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව ඉලක්ක කරගනිමින් සංවිධානය කළ විශේෂ දෙදින සායනයකදී රෝගීන් 500 දෙනෙකු සඳහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදුකිරීමට පියවර ගෙන තිබේ. පෙබරවාරි 28 සහ මාර්තු 1 යන දිනවලදී මෙම වැඩසටහන ගම්පොළ දිස්ත්‍රික් මහ රෝහලේදී සාර්ථකව පවත්වා ඇත.
ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය විසින් රුපියල් මිලියන 6.5කට අධික පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා දුන් මෙම වැඩසටහන ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක විය. සුළි කුණාටු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් සැලසීම සහ ප්‍රදේශයේ පවතින ඇස් සැත්කම් ප්‍රමාණය (Backlog) අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ සභාපති අයෝධ්‍ය සම්පත් ද සිල්වා මහතා පවසන්නේ මෙවැනි වැඩසටහන් හරහා දෘෂ්ඨි ආබාධ සහිත තවත් බොහෝ පිරිසකට සහනයක් සැලසීමට ඉදිරියේදීත් කටයුතු කරන බවයි. ආපදා තත්ත්වයන් හමුවේ වුවද මෙවැනි සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක්ව තිබේ.














