මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඕමානයේ ‘දුකුම්’ (Duqm) වරාය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මෙම ප්‍රහාරය ඉරාන රජයේ සෘජු තීරණයක් මත සිදු වූවක් නොවන බවයි.
ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනයෙන් පසු එරට හමුදා ඒකක මේ වන විට ස්වාධීනව (Independent) සහ යම් දුරකට හුදකලාව (Isolated) ක්‍රියා කරන බව අමාත්‍යවරයා අනාවරණය කළේය. ඕමානය වැනි මධ්‍යස්ථ රාජ්‍යයකට ප්‍රහාර එල්ල කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන නමුත්, හමුදා ඒකක වෙත ලබා දී ඇති “පොදු උපදෙස්” (General Instructions) මත ඔවුන් මෙලෙස ස්වාධීන තීරණ ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඕමානය යනු අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු (Mediator) ලෙස කටයුතු කරන ප්‍රධාන රටයි. එවන් රටකට ප්‍රහාර එල්ල වීම ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, ඉරාන හමුදාව කෙරෙහි එරට රජයේ පාලනය ගිලිහී යමින් පවතින්නේද යන සැකය ද මේ සමඟ මතුව තිබේ.














