අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (01) රාත්‍රියේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිරමැදිරි තුළ සඟවා තිබූ ජංගම දුරකතන, සිම්පත් සහ මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයා ගැනීමට සමත් වී තිබේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් අයිතිකරුවන් නොමැති ජංගම දුරකතන 05ක්, සිම්පත් 17ක් සහ අයිස් (Ice) බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය පැකට් 08ක් සොයාගෙන ඇත. මීට අමතරව හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය පැකට් 05ක්, හඳුනා නොගත් පෙති 04ක්, දුම්කොළ සුරුට්ටු 02ක් සහ සිරකරුවන් විසින් සාදාගත් තියුණු උල් ආයුධ කිහිපයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.














