ඉරානය විසින් ඇමරිකාවට පහර දීම සඳහා මිසයිල නිෂ්පාදනය කරන බවට ජනාධිපති ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයන් සනාථ කිරීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු නොමැති වූ බව පෙන්ටගනය විසින් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට දැනුම් දී ඇති බව රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කරයි. වසා දැමූ දොරවල් පිටුපස පැවැති මෙම සාකච්ඡාවේදී හමුදා ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ, මෙම යුද්ධය අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් නොව දේශපාලනික තීරණයක් මත පදනම් වූවක් (War of Choice) බවයි. ඉරානය මුලින්ම ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට කිසිදු බුද්ධි තොරතුරක් නොතිබූ බව පෙන්ටගනය මෙහිදී පිළිගෙන තිබේ. මෙම හෙළිදරව්වත් සමඟ වර්තමාන යුදමය වාතාවරණය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරිය වෙත එල්ල වන දේශපාලන පීඩනය තවදුරටත් දැඩි වී ඇත.














