ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කර ඇති යුද මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත්වූ අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව හතරක් (04) දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු හමුදා මූලස්ථානය තහවුරු කරයි. ඊයේ (01) දිනයේදී සෙබළුන් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා සිටි අතර, මුල් ප්‍රහාරවලදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සිව්වන සෙබළා ද අද (02) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම ජීවිත හානි මධ්‍යයේ වුවද, ඉරානයට එරෙහි ප්‍රධාන සටන් මෙහෙයුම් සහ ප්‍රතිප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ආරක්ෂක අංශ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














