ලොව ප්‍රමුඛතම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) නිෂ්පාදකයෙකු වන කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් එරට LNG නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ. කටාර් රාජ්‍යයට අයත් QatarEnergy සමාගම නිවේදනය කරන්නේ ප්‍රධාන ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් (Ras Laffan) සහ මෙසායීඩ් (Mesaieed) යන නිෂ්පාදන කලාප වෙත එල්ල වූ මෙම ප්‍රහාර හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ රුසියාව වැනි රටවල් සමඟ කරට කර සිටින කටාර්හි මෙම නිෂ්පාදන අත්හිටුවීම ගෝලීය බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමට සෘජුවම බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.














