පදවිය ප්‍රදේශයේදී පදික මාරුව මතින් පාර මාරු වෙමින් සිටි නව හැවිරිදි පාසල් සිසුවියක යට කරමින් මාරක රිය අනතුරක් සිදුකළ වෑන් රථ රියදුරා ලබන මාර්තු 04 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පදවිය, 18 කණුව ප්‍රදේශයේදී උපකාරක පන්තියක සිට ආපසු නිවස බලා යමින් සිටි සෙනුලියා තරුෂි රූපසිංහ නැමති දැරිය මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූවාය. සැකකරු අධික වේගයෙන් සහ අපරික්ෂාකාරී ලෙස රිය පදවා ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර, මියගිය දැරියගේ පියා දැනට මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව පසුවන බැවින්, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද සිය දියණියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුට අවස්ථාව ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.














