මැදපෙරදිග පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් මෙහෙයුම් අතරින්, අබුඩාබි පදනම් කරගත් Etihad ගුවන් සේවය සිය මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ. කලාපීය ගුවන් සීමාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවත්, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් නියමිත කාලසටහනට අනුව ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවත් එම සමාගම සඳහන් කරයි. කෙසේ වෙතත්, අනෙකුත් ගුවන් සේවාවන් තවදුරටත් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, Etihad ගුවන් සේවයේ මෙම තීරණයත් සමඟ ඩුබායි සහ අබුඩාබි හරහා ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි දහස් සංඛ්‍යාත මගීන්ට සහ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශාල සහනයක් හිමිවනු ඇත.














