මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය මධ්‍යයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ සිය නිවසේදී ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිල වශයෙන් තහවුරු කර තිබේ. ඇය මීට පෙර කෝමා තත්ත්වයෙන් පසුවන බවට වාර්තා පළ වුවද, අවසානයේ ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවන් හේතුවෙන් කමේනිගේ දියණියක සහ මුණුපුරෙකු ද මියගොස් ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ්‍ර වැඩිදුරටත් අනාවරණය කරයි. දරුවන් හය දෙනෙකුගෙන් යුත් කමේනිගේ සමීපතම පවුලේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාර ඉරාන දේශපාලන සහ ආගමික නායකත්වයට එල්ල වූ දරුණුතම පෞද්ගලික පහරදීමක් ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයෝ හඳුන්වා දෙති.













