ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය වාතාවරණය මධ්‍යයේ, උතුරු ඊශ්‍රායලයට අද (02) එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් එහි සේවය කරන ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවකි. ඇය මේ වන විට ආරක්ෂිත ස්ථානයක ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඇයගේ ජීවිතයට අනතුරක් නොමැති බව ද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් රජය නැවතත් දැනුම් දී තිබේ.













