එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශ විසින් බැලස්ටික් මිසයිල නවයක්, කෲස් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 148ක් සාර්ථකව බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය අද (02) රාත්‍රියේ නිවේදනය කළේය. ඉරාන ප්‍රහාර ආරම්භයේ සිට මේ දක්වා එමීර් රාජ්‍යය දෙසට බැලස්ටික් මිසයිල 174ක් එල්ල වී ඇති අතර ඉන් 161ක්ම ගුවනේදීම විනාශ කිරීමටත් තවත් 13ක් මුහුදට පතිත වීමට සැලැස්වීමටත් එරට ආරක්ෂක පද්ධති සමත් වී තිබේ. මීට අමතරව ක්‍රියාත්මක වූ ඉරාන ඩ්‍රෝන යානා 689කින් 645ක්ම සාර්ථකව මර්දනය කර ඇති නමුත් ඩ්‍රෝන යානා 44ක් එරට භූමිය තුළට කඩා වැටී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම දරුණු ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 68 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර සිවිල් දේපොළ ගණනාවකට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ හානි සිදුව ඇති බව වාර්තා වේ. ලොව දියුණුම ගුවන් ආරක්ෂක තාක්ෂණය භාවිතා කරමින් තම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එමීර් රාජ්‍යය පියවර ගෙන ඇති අතර මැදපෙරදිග උද්ගතව ඇති මෙම යුදමය වාතාවරණය හමුවේ ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබේ.












